බමන මතින් රෝගීන් ආපසු හැරවූ කන්තලේ වෛද්‍යවරයෙකු පොලීසියට

Saturday, 20 October 2018 - 18:48

%E0%B6%B6%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
රාජකාරි වේලාව තුළ මත්පැන් සාද පවත්වා බීමතින් හැසිරුණු කුරුණෑගල ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයේ සේවකයින් පිරිසක් පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගිය 18 වනදා තොරතුරු අනාවරණ කළා.

තවත් එවැනිම පුවතක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, ඒ තම වෘත්තීය ගරුත්වයට නිගා දෙමින් ජනතාව මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද අපහසුතාවයට පත් කරනා වෛද්‍යවරයෙකු පිළිබදවයි.

කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන මෙම වෛද්‍යවරයා සිය රාජකාරි වේලාව තුළ නිරන්තරයෙන් බීමතින් හැසිරෙන බවයි ජනතාව පවසන්නේ.

ඊයේ දිනයේදී ද වෛද්‍යවරයා සිය කාර්යාලයේ අධික ලෙස බීමත්ව වැටී සිටීම හේතුවෙන් ඖෂධ ලබා ගැනීමට පැමිණි රෝගීන්ව කාර්ය මණ්ඩලය විසින් හරවා යවා තිබුණේ වෛද්‍යවරයා විවේක ගනිමින් සිටින බව පවසමින්.

මේ අතර, කන්තලේ පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ වෛද්‍යවරයාගේ බිරිඳ ඇයට ඔහුගෙන් සිදුවන හිරිහැර පිළිබදව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව වෛද්‍යවරයා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බවයි.

එම අවස්ථාවේදී ද වෛද්‍යවරයා පොලිස් නිලධාරින්ට පරුෂ වචනයෙන් බැණ වැදුණා.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා, පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් අනතුරුව තමාව කිසි විටෙකත් සේවයෙන් පහ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිවෙකුට නොහැකි බව පවසමින් පොලිස් නිලධාරින්ට යළි බැණ වැදුණා.

කෙසේ වෙතත්, වෛද්‍යවරයාට හිතවත් පොලිස් නිලධාරියෙකු පැමිණ මෙලෙස පැවසීමෙන් පසු ඔහු ජිප් රථයෙන් පිටතට පැමිණියා.

අද දිනයේ කන්තලේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු මෙම වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories