රාත්‍රියේ ගිඟුරුම් සහිත වැසි තවදුරටත් - දමන දී, අකුණු සැර වැදී 4ක් රෝහලේ

Tuesday, 23 October 2018 - 7:20

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි තවදුරටත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වලට අමතරව අම්පාර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, වර්ෂාවත් සමඟ ඇති වූ අකුණුසැර වැදීමක් හේතුවෙන් අම්පාර - දමන ප්‍රදේශයේ හේනක ගොවිතැන් කරමින් සිටි 4 දෙනෙකු තොට්ටම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

රෝහල් ගත කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එක් කාන්තාවකගේ සැමියායි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසිත් සමඟ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් පසුවන ලෙසටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories