පළාත් රැසකට අදත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි - ජලාශ කිහිපයක් වාන් දමයි

Friday, 26 October 2018 - 7:14

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ගත වූ පැය 24 තුළ ඇති වූ තද වැසි හේතුවෙන් ජලාශ කිහිපයක් තවදුරටත් වාන් දමමින් පවතිනවා.

රාජාංගනය, තබ්බෝව, කුකුළේගඟ, අංගමුව යන ජලාශ මෙන්ම වික්ටෝරියා සහ කොත්මලේ ජලාශ ද වාන් දමමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ නිසා ඒ අවට පහත්බිම් වල ජනතාව වඩාත් අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.

මේ අතර, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ඊයේ නිකුත් කළ නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලටත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් අද දිනය තුළ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්වරු 2න් පසුව සෙසු ප්‍රදේශවලට ද තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories