"Hiru Golden Film Awards 2018" සම්මාන රාත්‍රිය හෙටයි (ඡායාරූප)

Friday, 26 October 2018 - 14:27

%22Hiru+Golden+Film+Awards+2018%22+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලාංකීය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ ප්‍රමිතිගත ජාත්‍යන්තර මුද්‍රාවේ තෙවන සම්භාවනීය සම්ප්‍රාප්තිය, "Hiru Golden Film Awards 2018" සම්මාන රාත්‍රියට ඇත්තේ තවත් එක් දිනක් පමණයි.

මෙම සම්මාන උළෙල බොලිවුඩ් තරු පිරිවරා පැවැත්වෙන මෙරට එකම සම්මාන රාත්‍රිය ද වනවා.

මෙවර හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය සඳහා සුපිරි බොලිවුඩ් තරු වන සයිෆ් අලි ඛාන්, සොනක්ෂි සිංහා, සිද්ධාර්ත් මල්හෝත්‍රා, ජුහී චව්ලා, සරීන් ඛාන්, ශිල්පා ෂෙට්ටි සහ ගෝවින්දා සහභාගිවීමට නියමිතයි.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව 2014 වසරේදී පළමු වරට "Hiru Golden Film Awards" සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඇරඹුණු අතර, 2016 වසරේදී එහි දෙවැන්න පැවැත්වුණේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීයි.

"Hiru Golden Film Awards 2018" සම්මාන උළෙලට එක්වන සුපිරි බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ සරීන් ඛාන් මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා.

එසේම ශ්‍රී ලාංකීය සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය වූ "Hiru Golden Film Awards" සම්මාන උළෙල හැඩ කරන්නට ප්‍රවීන සහ ජනප්‍රිය රංගන ශිල්පීන් කොළඹ සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේ පුහුණුවීම්වල නිරත වනවා.





හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2018 වර්ණවත් කරන්නට සරීන් ඛාන් පැමිණි අයුරු පහතින්.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories