දෙමටගොඩ තෙල් සංස්ථා වෙඩි තැබීමේ සිද්ධියට අදාළව 15 දෙනෙකුගෙන් ප්‍රකාශ - තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

Tuesday, 30 October 2018 - 6:59

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85%E0%B7%80+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි එහිදී නියෝග කළේ.

එමෙන්ම වෙඩි තැබීම සිදුකළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් දියත් කර තිබූ වර්ජනය ද අත්හිටුවීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව තෙල් බෙදා හැරීමේ කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇති බවයි ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ.ජී.එස්. ප්‍රේමරත්න ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories