මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය ගලේවෙල පොලිසියේ දෙදෙනෙකුට ප්‍රහාරයක්

Wednesday, 31 October 2018 - 13:14

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගලේවෙල - කිරලගොල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ තවත් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

පහරකෑමෙන් තුවාල ලැබූ ගලේවෙල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මේ වනවිට දඹුල්ල සහ ගලේවෙල යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයින් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කිරලගොල්ල ප්‍රදේශයේ නිවසක මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද තොරතුරකට අනුව ඊයේ (30) රාත්‍රියේ පොලිස් කණ්ඩායමක් එහි ගොස් තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලීස් නිලධාරින්ට පහරදී ඇති අතර එහිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

මීට අමතරව, එම නිවස සූදු මධ්‍යස්ථානයක් ලෙස ද පවත්වාගෙන ගොස් ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර, උඩවලව රක්ෂිතය තුළදී, අද (31) අළුයම දඩයක්කරුවන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදුවුනා.

සිද්ධියෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පැමිණෙන විට මොවුන් මුවන් මරා මස් කරමින් සිට තිබෙනවා.

මොවුන් ලඟ තිබී ටී - 56 ගිනි අවියක්, පතරොම් 27ක්, මුව මස් සහ මරණ ලද මුවන් කිහිප දෙනෙක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories