වැස්ස තවත් වැඩිවේ - ජලාශ සහ ගංගා කිහිපයක් අවදානම්

Friday, 09 November 2018 - 15:31

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
දැනට පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එසේම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර, ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුකුළේ ගග ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එහි අගය මිලිමීටර් 190 ක්.

දිවයිනට බලපා ඇති අධික වැසි හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 13 ක පවුල් 7916 ක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

එසේම, කළුතර, නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීම ද තවදුරටත් ක්‍රියාත්මකයි.

අධික වර්ෂාපතනයත් සමග මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.

මුලතිව්, නිත්‍යකේක්කුලම් වැව් බැම්ම කැඞී යාමෙන් ඒ ආසන්නයේ ගොවිතැන් කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු ජලයට මැදිව සිටි අතර, ඔවුන් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ගුවන් හමුදාව අද කටයුතු කළා.

මේ අතර, අධික වැසි සමග පොළොන්නරුව, තඹලවැව වාන් මට්ටමට පැමිණ තිබෙනවා.

පොළොන්නරුව පූජා භූමියට අයත්, ශිව දේවාලයේ අංක 01 බැම්ම ගැලවී ගොස් ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කාර්යාලයේ නිලධාරින් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් එක්ව එම ගල් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

ගිරාදුරුකෝට්ටේ - උල්හිටිය - රත්කිද - ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු 7 ම ඊයේ රාත්‍රියේ විවෘත කෙරුණා.

තබ්බෝව වැවෙහි වාන්දොරටු දෙකක් මේ වනවිට විවෘත කර ඇති අතර, අධික වැසි හේතුවෙන් කලාඔය පිටාර ගැලීමෙන් පුත්තලම - මන්නාරම මාර්ගය - පරණ එළුවන්කුලම - ප්‍රදේශයෙන් යටවී තිබෙනවා.

එසේම, හලාවත - තිඹිල්ල වැවේ පිටවාන අද පස්වරුවේ කැඞී ගොස් තිබූ අතර, පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරින් පැමිණ යුද හමුදාව කැදවා තාවකාලික පිලියම් යෙදීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර, මිල්ලකන්ද ප්‍රදේශයෙන්, කළු ගඟේ - සහ හොරොව්පතාන ප්‍රදේශයෙන් යාන් ඔයේ- ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරි පැය කිහිපයේදීත් වැසි ඇතිවුවහොත් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගග දෙපස පහත් බිම් ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories