රටේ අනාගතය වෙනුවෙන්, ජනතා කැමැත්තට ඉඩ දුන් බවට, අගමැතිගෙන් ප්‍රකාශයක්

Saturday, 10 November 2018 - 12:48

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහමැතිවරණයක් මගින් ජනතා කැමැත්ත සැබෑ ලෙස තහවුරු කිරීමට ඉඩ ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එමගින් ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා මඟ සැලසෙන බවයි.

නායකයන් ලෙස ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා සිය මතය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාවක් ලබාදීම නායකයන්ගේ වගකීමක් සහ යුතුකමක් බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩය මගින් සඳහන් කළේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක් කරමින් ජනාධිපතිවරයා විසින් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබදව සිය අදහස් පළ කළා.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම තීරණාත්මක අවස්ථාවේ අප ජාතියේ අනාගතය තීරණය කිරීම සඳහා ජනතාවට එමගින් අවස්ථාවක් හිමි වී ඇති බවයි.

මහමැතිවරණය මගින් ස්ථාවර ප්‍රගතියක් ඇති කරලීම සඳහා ජනතාවගේ සැබෑ බලය යොදා ගත හැකි බවත්, ඔහු එහිදී කියා සිටියා.

එමෙන්ම, ජාතියේ තීරකයන් ලෙස ඔවුන් නිවැරදි තීරණයක් ගනු ඇති බව තමාට විශ්වාස යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ප්‍රවීන දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි ද මෙරට ජනාධිපතිවරයා විසින් මහමැතිවරණයක් කැදවීම පිළිබදව ප්‍රසාදය පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළා.

බහුතර ජනතාවගේ ඡුන්දය ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථානුකූල පියවරක් බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත්, දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහය පළ කළේ නම් ඔවුන්ට නිසි ප්‍රතිචාරයක් ලබා ගත හැකිව තිබූ ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එහෙත් ඔවුන් ස්වයං විනාශකාරී පිළිවෙතක නිරත වන බවට සුබ්‍රමනියම් ස්වාමි චෝදනා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories