අපරීක්ෂාකාරීව යතුරුපැදි පැදවූ 32 ක් අත්අඩංගුවට

Sunday, 11 November 2018 - 8:59

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+32+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පිළියන්දල නගරය මගහැර යාමට ඇති විකල්ප මාර්ගය වන ජාලියගොඩ - කැස්බෑව මාර්ගයේ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 32 ක් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ යතුරුපැදි 14 ක්ද ඔවුන් සමඟ පොලිස් භාරයට ගෙන ඇති බවයි.

අවුරුදු 19 ත් 30 ත් අතර වයස්වල පසුවන මෙම තරුණයින් මොරටුමුල්ල, කැස්බෑව සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories