අත සහ පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙන් මැතිවරණයට එන ලකුණු

Monday, 12 November 2018 - 12:54

%E0%B6%85%E0%B6%AD+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ගොඩනගන නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

මෙම හමුවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්ව තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලූ දේශපාලන පක්ෂ එක්ව සන්ධානගතවීම සහ මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ බවයි වාර්තාවන්නේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ දහවල් සිදුවුණා.

එහිදීද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, ඉන් පසුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ හමුවක් විජේරාමේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණේ.

එම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන කිහිපදෙනෙකුද එක්වූ බව වාර්තාවුණා. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන යෝජනා දෙකක් ඉදිරිපත්ව ඇති බව සඳහන්.

ඉන් එක් යෝජනාවක් වන්නේ පොදු ලකුණක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් මැතිවරණයට තරග කිරීමයි.

එසේත් නොමැතිනම් පොදුජන පෙරමුණ ලෙස පොහොට්ටුව ලකුණෙන් තරග කිරීම සම්බන්ධයෙන්ද යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

මෙම යෝජනා දෙක සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමුව ඇති අතර, අවසන් එකඟතාවකට පැමිණීම සඳහා තවත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපතිවරයා අතර හමුවක්ද ඊයේ රාත්‍රියේ සිදුවී තිබෙනවා.

එහිදීද මැතිවරණයට ඉදිරිපත්වීම සහ පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලූ පක්ෂ ගණනාවක් ඒකාබද්ධව නව සන්ධානය ගොඩනැගීමට නියමිතයි.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී දැනට සිදුවන සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අදහස් පළ කරමින් කියා සිටියේ පුළුල් සන්ධානයකින් මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වන බවත්, යළි  මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කිරීම යටතේ මෙම මැතිවරණය මෙහෙයවන බවයි.

මේ අතර හොරණ අද මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කියා සිටියේ පැවති පළාත්පාලන මැතිවරණයේදී ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි.  



 

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories