කථානායකවරයා යැවූ ලිපියට ජනාධිපතිවරයාගෙන් සැර පිළිතුරක් (ඡායාරූප)

Thursday, 15 November 2018 - 0:03

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කථානායක කරු ජයසූරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කැබිනට් මණ්ඩලය නීති විරෝධී බවට මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයා ජනාධිපතිවරයාට යොමුකර තිබුනා.

ඊට පිළිතුරු ලිපියක් යොමු කරමිනුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර ඇත්තේ.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ජන්දයෙන්, ආණ්ඩුව පරාජයට පත් වූ බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කථානායකවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමටයි කථානායකවරයා තීරණය කළේ.

ඒ අතර ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව කතානායක කරූ ජයසූරිය සදහන් කළා.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සදහන් මන්ත්‍රීවරුන් 122 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියේ පිටපතක් ද ජනාධිපතිවරයා වෙත යොමුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය සදහන් කළේ.

ඊට පිළිතුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් යන සියල්ල නොසලකා කථානායකවරයා ක්‍රියා කර ඇති බවට ජනාධිපතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories