පාර්ලිමේන්තුව උණුසුම්වෙයි - මන්ත්‍රීවරු අතර ගුටිබැට හුවමාරුවක් (සජීවී දර්ශන සහිතයි)

Thursday, 15 November 2018 - 10:33

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B6%E0%B7%90%E0%B6%A7+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
පාර්ලිමේන්තුව මේ වනවිට ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ ආණ්ඩු පකෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක අසුන ආසන්නයට පැමිණ දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමගයි.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයා සදහන් කළේ ආණ්ඩුව ඊයේ පැවති විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ධුරය හෝ වෙනත් අමාත්‍ය ධුර වලංගු නොවන බවයි.

අද සභා ගර්භය සිටින සියලූදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් බව ද ඔහු කියා සිටියා. ඉන් පසුව දැඩි උණුසුම මධ්‍යයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය විශේෂ ප්‍රකාශය සිදු කිරීම ආරම්භ කරනු ලැබුවා.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ජනාධිපතිවරයා තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ව්‍යවස්ථානුකූලව බවයි.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ පවතින අර්බුදය විසදීම ජනතාවට භාරදිය යුතු බව ද ඔහු සදහන් කළා.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය වන බවයි.

එහිදී අදාළ තීරණය තමන් විසින් නොගන්නා බවත්, එය සභාවට භාර කරන බවත් සදහන් කළා.

ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ ආසනය අසලට පැමිණ විරෝධය පළ කළ අතර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද කතානායක ආසනය අසලට පැමිණියා.

එහිදී පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වූ අතර ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවුණා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories