අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.
වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සාකච්ඡාව අතරතුර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඊයේ ගෙන ආ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූල නොවන බවයි.
ඒ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වන බවයි රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද (17) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ලබන 19 වන දා පාර්ලිමේන්තුව කැදවන විට කථානායකවරයා සිදුකළ යුතුව පවතින්නේ මීට පෙර ලබාදුන් තීන්දු දෙකම ඉවත් කර ගැනීම බවයි.
විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එය නියම ආකාරයට ගෙන ආ යුතු බවත් ඉන් පසුව ඒ ගැන තීන්දුවක් ගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
කෙසේ වෙතත් පසුගිය දිනවල සිදුවූ තත්ත්වයන් සියල්ලම කථානායකවරයාගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ බවටයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කළේ.

Follow US
Most Viewed Stories