එජාපය අරලියගහ මන්දිරයේදී රැස්වේ

Sunday, 18 November 2018 - 7:43

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වීම සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන් පස්වරු 7 ට අරලියගහ මන්දිරයේදී රැස්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ.  

මේ අතර, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද පාර්ලිමේන්තුව රැස්වන ආකාරය පිළිබදව සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.  

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට තමන් පිළිගන්නා බව පෙරේදා පාර්ලිමේන්තුව කැදවීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.

එහිදී පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක අසුන අත්පත් කරගනිමින් විරෝධතාවක නිරත වීම හේතුවෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවට පිවිසියේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.

පසුව කතානායකවරයා විසින් විශ්වාසභංගයට ඡන්ද විමසීමක් සිදුකළ අතර, එම ඡන්දයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡුන්දය ප්‍රකාශ කළා.

අනතුරුව, කතානායකවරයා විසින් එය පිළි ගන්නා බව ප්‍රකාශ කළ අතර, පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමටයි කතානායකවරයා එහිදී පියවර ගනු ලැබුවේ.   

එමෙන්ම, ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූළව ඉදිරිපත් කරන ලෙසයි.

එසේ වුවහොත් ඊට සහභාගි වන අතර, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් පෙර මෙන් ඊට විරුද්ධ වන බව ද ඔවුන් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories