පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවට නාමයෝජනා අපේක්ෂාවෙන් - ගැටළුවක් මතුවුවහොත් යළි කල් තැබෙන ලකුණු

Tuesday, 20 November 2018 - 18:36

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා වූ තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීමේදී බහුතරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුවහොත් එම තේරීම් කාරක සභාව පත් කිරීම ගැටළු සහගත වන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය තේරීම් කාරක සභාව තුළ තම තමන්ට බහුතර සාමාජිකත්වයක් අවශ්‍ය බව ප්‍රකාශ කිරීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, බ්‍රහස්පතින්දාට ඉල්පුර පසළොස්වක පොහොය යෙදීම නිසා හෙට දිනයේ ඊට අදාළ සාමාජිකයන් නම් කිරීම අනිවාර්ය වනවා.

එහෙත් සාමාජික සංඛ්‍යාව පිළිබඳ එකඟතාවකට පැමිණීමට නොහැකිවුවහොත් තේරීම් කාරක සභාව පත් කිරීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව එම නම් ලැබෙන තුරු අපේක්ෂාවෙන් සිටින බවයි.

මෙම තේරීම් කාරක සභාව කථානායකවරයා ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සැදුම් ලබනවා.

හෙට දිනයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ තේරීම් කාරක සභාව සඳහා කථානායකවරයාට නාම යෝජනා භාරදිය යුතු අතර, සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසිනුයි එම නම් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

මෙම තේරීම් කාරක සභාව තුළින් අනෙකුත් සියලූම කාරක සභා වල ක්‍රීයාකාරීත්වය සහ මන්ත්‍රීවරුන් පත් කිරීමද සිදු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් තේරීම් කාරක සභාවේ බහුතරය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් එළඹෙන සිකුරාදාද පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයා කියා සිටියේ.

මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම හෙට දිනයේදී තේරීම් කාරක සභාවට නම් යෝජනා කිරීම සිදුකිරීමට තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories