රිමාන්ඞ් බන්ධනාගාරයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු - පැහැරගෙන යාම ගැන සී.අයි. ඩී .යෙන් පරික්ෂණ

Thursday, 22 November 2018 - 12:44

%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A9%E0%B7%93+.%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ මෙම සැකකරු පසුගිය 17 වනදා බන්ධනාගාර නිලධාරින් ලෙස වෙස් වලාගෙන පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.

මෙලෙස රැගෙන ගොස් ඇත්තේ මීට මාස හයකට පමණ පෙර කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැති ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරින්ට ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර මෙම සැකකරු රැගෙන ගොස් ඇති බවයි.

සැකකරු නඩු කටයුත්තක් සදහා කෑගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් නැවත රිමාන්ඞ් බන්ධනාගාරයට ගෙන ආ අවස්ථාවේදී සිරකරුවන් හුවමාරුවේදී මෙය සිදුව ඇති බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැක කරන්නේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරින්ට පැමිණි පිරිස සදහන් කර ඇත්තේ තමන් කළුතර බන්ධනාගාරයේ නිලධාරින් පිරිසක් බවත්, නඩු කටයුත්තක් සදහා මොහු රැගෙන යන බවයි.

කෙසේ වෙතත්, කළුතර බන්ධනාගාරයේ නිලධාරින් පසුගිය 19 වනදා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණ මෙම සැකකරු සම්බන්ධයෙන් විමසා තිබෙනවා.

එහිදී ඔවුන් සදහන් කර ඇත්තේ පසුගිය 17 වන සෙනසුරාදා කළුතර බන්ධනාගාර නිලධාරින්ට සැකකරු භාර දුන් බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ නිලධාරින් මුලාවට පත් කොට සැකකරු රැගෙන ගොස් ඇති බවටයි.

මෙම සැකකරු මීට පෙර අවස්ථාවකදී ද බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කර ඇති බවට තොරතුරු වාර්තාවුණා.

කෙසේ වෙතත්, කඩිනමින් අදාළ සැකකරු සහ ඔහුව පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories