මාතර උපකාරක පන්තියක් අසළදී උසස් පෙළ සිසුවෙකු ඝාතනය කෙරේ

Saturday, 24 November 2018 - 16:04

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මාතර - ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබෙනවා.

අද පස්වරුවේ එම උපකාරක පන්තිය අසළට පැමිණි තවත් සිසුන් තුන්දෙනෙකු මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලීිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ තිහගොඩ - නායිම්බල -  මාහේන ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකු මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

අදාළ සිසුන් තුන්දෙනා හිස් වැසුම්ද නොමැතිව ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ මෙම සිසුවාට පහරදී පසුව පපු ප්‍රදේශයට පිහියකින් අනින අයුරු අසළ පිහිටි ආරක්ෂිත කැමරා කිහිපයක පැහැදිළිව සටහන් වී තිබෙනවා.

මේ අතර මොණරාගල - මාගන්දනමුල්ල - සුමේධ වැව ඉස්මත්තේදී සිය පෙම්වතිය ඝාතනය කළ 23 හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ මියගිය තරුණිය 22 හැවිරිදි වියේ පසුවන බවයි.

ඇය බඩල්කුඹුර - වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories