මාතර සිසු ඝාතනයේ සැකකරුවන් තවමත් නිදැල්ලේ

Monday, 26 November 2018 - 8:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A
මාතර - ඇලවේල්ල පාර, ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදිම හේතුවෙන් ඝාතනයට ලක්වූ 19 හැවිරිදි පාසල් සිසුවාගේ දේහය මාතර - නායිම්බල - මහහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ රැගෙනවිත් තිබුණා.

ඒ වනවිටත් විශාල පිරිසක් එම නිවසට එක් රැස්ව සිටි බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන සිසුන් තුන්දෙනෙකු පිළිබඳව දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුම්වත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සිසුන් මේ වනවිට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් විමර්ශන මෙහෙයවනවා.

සැකකාර සිසුන්ගේ දෙමව්පියන්ගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ තම දරුවන් පිළිබද කිසිදු තොරතුරක් නොදන්නා බවටයි.

ඝාතනය සඳහා ඔවුන් පැමිණි යතුරුපැදිය ඊයේ පස්වරුවේ මාතර නගරයට ආසන්න ස්ථානයක දමා ගොස් තිබියදී සොයා ගනු ලැබුවා.

ඝාතනයට ලක්වූ සිසුවාගේ බාල සොහොයුරෙකු සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි මාතර පොලිසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories