පොලීසියේ දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ගැන, සොයන්න පොලිස්පති සහ රහස් පොලිස් ප්‍රධානියා මඩකලපුවට

Friday, 30 November 2018 - 15:14

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මඩකලපුව - වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ  ස්ථානය අද පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ නිරීක්ෂණයට ලක්වුණා.

පොලිස්පතිවරයාට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් ද ඊට එක්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

අද උදෑසන 6 ට පමණ මඩකලපුව - වව්නතිව් මාර්ගයේ වව්නතිව් ප්‍රදේශය ආසන්නයේ පිහිටි පොලිස් මාර්ග බාධකය අසල තිබියදී මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සිරුරු සොයා ගනු ලැබුවා.

ටී - 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතන සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව වෙඩි තැබීම සිදුකළ ස්ථානයේ තිබී සොයා ගත් ටී 56 ගිනි අවි උණ්ඩ කිහිපයක් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

වව්නතිව් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කල්මුණේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි 32 සහ 28 යන වයස්වල පසුවන්නන්.

මිය ගිය කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

මේ අතර, අද පස්වරුවේ මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවෙකු මේ වන විට සැඟවී සිටින බවයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories