උඩවලවේ ඇත් පැටවා ඝාතනය ගැන දෙපැත්තකින් පරීක්ෂණ

Saturday, 01 December 2018 - 18:53

%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
උඩවලව රක්ෂිතයේ පිටවාන අසළ ඇත් පැටවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද අලූයම මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ හත් හැවිරිදි වියේ පසුවන මීටර් 2 ක් පමණ උසැති ඇත් පැටවෙක්.

මියගිය ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද පෙරවරුවේ සිදුකෙරුණා.

උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන එය සිදුකළ අතර එහිදී හෙළිදරව් වී තිබුණේ් හිසට සහ කණ ප්‍රදේශයට වෙඩි වැදීම හේතුවෙන් මෙම ඇත් පැටවා මියගොස් ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජිව සංරක්ෂණ දෙපාර්තමේන්තුව - හම්බෙගමුව පොලීසියට සිදුකළ පැමිණිල්ලට අනුව පොලීසිය විසින් ද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එහි උසස් නිලධාරියෙකු සදහන් කළා.

මෙම ඇත් පැටවා උඩවලව ජාතික වනෝද්‍යානයේ පිටවාන - පහේ කණුව සහ ගල්කොරිය ප්‍රදේශ අතර නිතර සැරිසැරූ සත්ත්වයෙකු වන අතර, පසුගිය කාලයේ එම ඇත්පැටවා අවට ගම්මානවලට කඩා වැදී ගම්වාසීන්ට වගා හානි සිදුකර ඇතැයි ද සදහන්.

එසේම, ගව ඝාතනයේ යෙදෙන පුද්ගලයින් පිරිසක් මෙම ඇත්පැටවාට වෙඩි තබන්නට ඇති බවට අනුමාන කරන බවයි උඩවලව උද්‍යානයේ භාරකරු ආර්.ඒ.ඩී. සමරනායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories