පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද තුන්වන දිනටත්

Thursday, 06 December 2018 - 7:20

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තුන්වන දිනටත් අද යළි විභාගයට ගැනෙනවා.

පෙරේදා දිනයේ මෙම පෙත්සම් විභාගය ආරම්භ කරනු ලැබූ අතර එය දෙවන දිනටත් ඊයේ පැවැත්වුණේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල නොව, පාර්ලිමේන්තුවේ බලතල කප්පාදුවක් සිදුව ඇති බවට නීතිපති ජයන්ත ජයසූරිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් මෙම පෙත්සම් ගොනු කළා.

ඊට අමතරව මෙම පෙත්සම් විභාගයේදී මැදිහත්කරුවන් වීමට ඉඩ ලබාදෙන ඉල්ලා තවත් පෙත්සම් 05ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

මෙම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් හෙට දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories