අවශ්‍ය මොහොතේදී බලය පෙන්වන බව මහින්ද කියයි

Thursday, 06 December 2018 - 18:47

%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මහ මැතිවරණයක් ඉල්ලා පැවිදි හඩ සංවිධානයේ මූලිකත්වයෙන් අත්සන් කළ මහජන පෙත්සම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද භාරදුන්නා.

ඒ නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේදීයි.

මේ අතර, හිටපු ජනාධිපතිවරයා සහ නීතිඥවරුන් අතර හමුවක් ද ඊයේ ඔහුගේ නිල නිවසේදී පැවැත්වුණා.

එහිදී හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ රට අස්ථාවරත්වයට පත්වීමේ මූලික වගකීම කතානායකවරයා විසින් භාර ගත යුතු බවයි.  

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කළේ රටේ බහුතර ජනතාවට අවශ්‍යව ඇත්තේ මහ මැතිවරණයක් බවයි.

පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු අවශ්‍ය අවස්ථාවකදී බලය පෙන්වීමට සූදානම් බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories