update : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹේ

Thursday, 13 December 2018 - 15:13

update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබෙනවා.


ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබදව සහ එම පරිශ්‍රයේ නවතම තොරතුරු දැන ගැනීම සදහා හිරු ටී.වී. , හිරු එෆ්.එම් සහ www.hirunews.lk වෙබ් අඩවිය සමග රැදී සිටින්න.

Update : 5:01 PM on Thursday, December 13
---------------------------------------------------

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබදව සහ එම පරිශ්‍රයේ නවතම තොරතුරු දැන ගැනීම සදහා හිරු ටී.වී. , හිරු එෆ්.එම් සහ www.hirunews.lk වෙබ් අඩවිය සමග රැදී සිටින්න.



update : Wednesday, 13 December 2018 - 16.13


-------------------------------------------------------

ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව එහි සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 සම්බන්ධ තීන්දුව පස්වරු 4 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ මෙම පෙත්සම් විභාග කෙරුණු අගවිනිසුරු නලින් පෙරේරා ඇතුලූ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

ශ්‍රේෂ්ඨාධිකරණය අවට මේ වනවිට ආරක්ෂාව තර කර ඇති අතර අමතර පොලිස් කණ්ඩායම් ද කැදවා ඇති බවයි එහි සිටින හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබද නවතම තොරතුරු සදහා රැදී සිටින්න හිරු ටී.වී., හිරු එෆ්.එම් සහ www.hirunews.lk වෙබ් අඩවිය සමගින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories