ඉදිරි පැය 24 තුල ප්‍රදේශ රැසකට තද සුළං

Saturday, 15 December 2018 - 17:58

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
ඉදිරි පැය 24 තුල උතුර, උතුරු මැද,  ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 ත් 65 ත් අතර වේගයකින් ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ අනෙක් ප්‍රදේශවල ද විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නිරිතදිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ මේ වන විට පවතින ගැඹුරු පීඩන අවපාතය අද දහවල් වන විට ත්‍රිකුණාමලයට ආසන්නව ඊසාන දෙසින් පැවතුනා.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 ක කාලය තුල සුළි කුණාටුවක් දක්වා ද ඉන් අනතුරුව පැය 24 තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

මේ අතර නිරිතදිග බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතය තවදුරටත් සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයිනට නැගෙනහිර සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරුදායක විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් පමණ විය හැකි අතර, වැසි සහිත තත්ත්වයක් පැවතියහොත් එය පැයට කිලෝමීටර් 90 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories