නව අගමැති හෙට 10.30 ට දිවුරුම් දෙයි - 30ක කැබිනට් මණ්ඩලය සඳුදා

Saturday, 15 December 2018 - 18:39

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+10.30+%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+30%E0%B6%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරු 10.30ට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු කියා සිටියේ ජනාධිපති කාර්යාලයේදී එය සිදු කෙරෙන බවයි.

එමෙන්ම තිස් දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම්දීමට නිියමිතව තිබෙනවා.

නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීම පිළිබඳව පැහැදිළි කළ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ යුක්තියේ හඩ ජයග්‍රහණ සැමරුම අනිද්දා කොළඹ - ගාලූ මුවදොර පිටියේදී සමරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද අද අරලියගහ මන්දිරයේදී තවත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.  

ජයග්‍රහණය හරහා උදම් නොවන බවත්, ප්‍රතිවාදීන්ට පහරගැසීමට සූදානම් නොමැති බවත් එහිදී ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories