හෙරොයින් සමඟ ඇල්ලූ බංග්ලාදේශ කාන්තාවගේ ජාත්‍යන්තර සබඳතා හෙළිවේ

Sunday, 16 December 2018 - 12:35

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
රුපියල් මිලියන 388 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බංග්ලාදේශ කාන්තාව ජාත්‍යන්තර මත්කුඩු ජාලය සමඟ පවතින සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණ වෙමින් පවතින බව පොලීසිය පවසනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතික කාන්තාව තවදුරටත් රඳවා තබාගනිමින් පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ.

ඊයේ දහවල් ඊයේ දහවල් දෙහිවල ගාලූ පාරේ පිහිටි අවන්හලක් ආසන්නයේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් සමඟ මෙම බංග්ලාදේශ ජාතික කාන්තාව අත්අඩංගුවට ගැනුනා.

පසුව ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණු අතර, එහිදී අනාවරණ වූ තොරතුරුවලට අනුවයි මෙම කාන්තාව කුලී පදනම මත පදිංචිව සිටි රත්මලාන දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කරනු ලැබුවේ.

එහිදී එම නිවසේ සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ 31 යි ග්‍රෑම් 329 ක් සොයාගෙන තිබුණා.

මෙම මුළු මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් මිලියන 388 ක්. අත්අඩංගුවට ගත් සැකකාරිය සුර්ජෝ මෝනි නැමති 23 හැවිරිදි බංග්ලාදේශ ජාතික කාන්තාවක්.

මෙම සැකකාරිය 2016 වසරේ සිට රත්මලානේ පිහිටි අදාළ කුලී නිවසේ රැඳී සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අවස්ථා ගණනාවක් බංග්ලාදේශයට ගොස් නැවත පැමිණ ඇති අතර, මෙරට තුළ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන පුරුකක් ලෙස සැළකිය හැකි සාධක ලැබී තිබෙනවා.

මේ අතර පෙරේදා නුගේගොඩ - පාගොඩ පාර ප්‍රදේශයේදී  රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුවන්ටද අදාළ හෙරොයින් තොගය සපයා ඇත්තේ මෙම 23 හැවිරිදි බංග්ලාදේශ කාන්තාව බවට තොරතුරු හෙළිවී තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories