ජනපති අද නිදහස් සන්ධාන මන්ත්‍රීවරු හමුවෙයි

Monday, 17 December 2018 - 7:19

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, අද දිනය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී මන්ත්‍රී කණ්ඩායමක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ගනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්ද හෙට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමට පෙර පැවැත්වීමට නියමිතව ඇති බවයි.

මෙම සාකච්ඡාවලදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඊයේ ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට හෙට දිනයේ දිවුරුම් දීම සිදුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඊට අදාළ සාකච්ඡා කිහිපයක් රජය නියෝජනය කරන ප්‍රධාන පාර්ශවයන් අතර ඊයේ දිනයේද පැවති අතර, අද දිනයේ තවත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories