අමාත්‍යවරුන් 20 ක් අද දිවුරුම් දෙයි

Wednesday, 19 December 2018 - 7:16

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු අද (19) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉතිරි අමාත්‍යවරුන් හෙට (20) දිනයේදී දිවුරුම් දෙන බවයි.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගැනීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (18) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තමන් මේ බව දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.

19 වන සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කළ යුතුයි.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍ය ධුර දැරූ මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇත්තේ ස්වෙච්ඡාවෙන් කැබිනට් මණ්ඩලයට එක් නොවීමට කැමැත්තෙන් පසුවන්නන් කවුරුන් ද යන්න පිළිබඳවයි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් සහ රිෂාඩ් බදියුර්දීන් ඒ සඳහා සිය එකඟතාවය පළ කර තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories