ගාස්තු අඩු නොකරන බස් හිමියන්ට එරෙහිව නීතිමය පියවර

Friday, 28 December 2018 - 14:15

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
පැරණි මිලටම ගාස්තු අයකරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 23 ක් ලැබි ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

පසුගිය 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නව බස්ගාස්තු ක්‍රියාත්මක අතර තව දුරටත් පැරණි මිලටම ගාස්තු අයකරන බස්රථ වල හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක ගන්නා බවයි එහි සභාපති තුසිත කුලරත්න කියා සිටියේ.

පැරණි මිලටම බස් ගාස්තු අයකරන බස්රථ සම්බන්ධයෙන් 0112-860860 යන දුරකථන අංකය හරහා පැමිණිලි ඉදිරිපත් කල හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ එකඟතාව මත බස් ගාස්තු සියයට 4.2 කින් පහත දැමුණු නමුත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවුණේ නැහැ.

එමෙන්ම අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩුකෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories