රට බෙදීමට සියළු ජාතීන් එරෙහි විය යුතු බව, විපක්ෂ නායක මහින්ද කියයි

Sunday, 30 December 2018 - 18:58

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රට බෙදා වෙන් කිරීමට ඉඩ ලබා නොදී රට රැක ගැනීම සියළු ජාතීන්ගේ වගකීමක් බව විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (29) පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

උතුරු - මධ්‍ය දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ විහාරාධිපති පූජ්‍ය ලිඳවැවේ අනුරුද්ධාභිදාන නාහිමියන් පිළිගැනීමේ උත්සවයට ඊයේ (29) පැවැත්වුණු අතර, උන්වහන්සේට අදාළ සන්නස් පත්‍රය පිරිනැමීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතින් සිදුකෙරුණා.

එමෙන්ම නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයේ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල ද විපක්ෂ නායකවරයා අතින් විවෘත කෙරුණා.    

            



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories