ආණ්ඩුකාරවරුන් මාරුවන ලකුණු

Monday, 31 December 2018 - 7:32

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
සියලූම ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ අනුව සියලූම ආණ්ඩුකාරවරුන් කැදවා අදාළ වෙනස් කිරීම් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම වෙනස්කිරීම් යටතේ බොහෝ දුරට සිදුකිරීමට නියමිතව ඇත්තේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කර හැරීමයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දැනට කටයුතු කරන්නේ හේමකුමාර නානායක්කාරයි.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක කටයුතු කරන අතර රෙජිනෝල්ඞ් කුරේ උතුර පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරනවා.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මාර්ෂල් පෙරේරා, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කේ.සී. ලෝගේෂ්වරන්, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පී.බී. දිසානායක සහ එම්.පී. ජයසිංහ උතුරුමැද ආණ්ඩුකාරවරයා ලෙසයි ක්‍රියා කරන්නේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories