හොංකොං විමර්ශනයේදී සොයාගත් නාමල් කුමාරගේ දුරකථන දත්ත ගැනත් රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

Wednesday, 02 January 2019 - 15:55

%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 25 වනදායි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ජාතිකයාද ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම පරික්ෂණ සදහා හොංකොං වෙත යවන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ ප්‍රතිඋත්පාදනය කරන ලද පැයක හඩ පට සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් ලබාගැනීමටද අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.

හොංකොං හිදී නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ දත්ත ප්‍රතිඋත්පාදනය කර සංවාද 427 ක්, වීඩියෝ දර්ශන 26 ක් සහ ඡායාරූප 4320 ක් සොයාගෙන ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

පැයක සංවාද ඇතුලූ අදාළ තොරතුරු ඇතුළත් සංයුක්ත තැටි 3 ක් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළා.

ඒවා නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර සිදුවුණු සංවාද දැයි සොයාබැලීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් කැඳවිය යුතු බවට කළ ඉල්ලීම අනුවයි අධිකරණය ඒ සඳහා අවසර ලබාදුන්නේ.

මේ අතර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඇතුළත් වී ඇති නාමල් කුමාර පුහුණුව අතරතුරදී පලාගොස් ඇති බවත්, ඒ පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මක බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අද අධිකරණයේදී ප්‍රකාශ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories