පළාත් 5කට පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Friday, 04 January 2019 - 15:26

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+5%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුකාරවරුන් 5 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි දිවුරුම් දුන් අතර, මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ හේමකුමාර නානායක්කාරයි.

මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස මෛත්‍රී ගුණරත්න දිවුරුම් දුන්නා.

මීට පෙර එහි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ පී.බී. දිසානායකයි.

උතුරුමැද නව ආණ්ඩුකාරවරයා ලෙස මධ්‍යම පළාත් හිටපු මහඇමති සරත් ඒකනායක දිවුරුම් දුන් අතර, එම්.පී.ජයසිංහ එම ධූරයේ මීට පෙර කටයුතු කළා.

කේ.සී. ලෝගේෂ්වරන් දැරූ වයඹ පළාත් ආණ්ඩුකාර ධූරයට උතුරුමැද හිටපු මහඇමතිවරයා වන පේශල ජයරත්න පත්කර තිබෙනවා.

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පත් කර ඇති අතර, මීට පෙර එම ධූරයේ කටයුතු කරනු ලැබුවේ රෝහිත බෝගොල්ලාගමයි.

සියළු ආණ්ඩුකාරවරුන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දැනුම් දී තිබුණා.

ඒ අනුවයි අද නව ආණ්ඩුකාරවරුන් 5 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ.

කෙසේ වෙතත්, සබරගමුව, දකුණ, ඌව සහ උතුර යන පළාත්වලට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද සිදුවූයේ නැහැ.

උතුර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඞ් කුරේ, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මාර්ෂල් පෙරේරා සහ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී රැකව කටයුතු කරමින් සිටියා.  

මේ අතර, නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට පත් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර තමන් අද පෙරවරුවේ එම තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එසේම පුරප්පාඩු වූ එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ශාන්ත බණ්ඩාර පත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories