ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් වැඩ අරඹයි

Thursday, 10 January 2019 - 10:51

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ආරම්භ කළා.
 
ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ යි.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එම අවස්ථාවට එක්වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් එක් කළා.

දයාසිරි ජයසේකර වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

මේ අතර තමන් පක්ෂයේ කටයුතු සඳහා පූර්ණකාලීනව කැපවන බව නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේදී මහලේකම් තනතුරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සහ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුලූ පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ හදිසි තීරණ නොගෙන නව පක්ෂය ගොඩනැගීම සඳහා සැමදෙනාම එක්ව කටයුතු කළ යුතු බවයි.  

නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ නව මහ ලේකම්වරයාට සිය ධුරයේ කටයුතු සිදුකරගැනීම සඳහා සියලූදෙනා එක්ව සහයෝගය ලබාදිය යුතු බවත්, වාමවාදී, සමාජවාදී සියලූදෙනා එක්ව නව සන්ධානයකින් රට ගොඩනැගීම සඳහා පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බවයි.

මේ අතර ඉදිරියේදී ගොඩනැගෙන නව දේශපාලන සන්ධානයේ නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂයේ නව මහ ලේකම් දයාසිරි ජයසේකර පක්ෂ මූලස්ථානයේ සිය ධූරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories