බස් රථවලට රුපියල් තුන්දහස දක්වා කාබන් බදු

Thursday, 10 January 2019 - 18:37

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94
විදුලි බලයෙන් ධාවනය නොවන සියළු රථවාහන, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා කාබන් බද්ද ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක මෙම බද්ද පනවා ඇත්තේ එන්ජින් ධාරිතාව සහ නිෂ්පාදිත වර්ෂය පදනම් කරගනිමින්.

මේ අතර, නව කාබන් බද්දට අනුව මගී බස් රථ සඳහා රුපියල් දහසේ සිට රුපියල් තුන්දහස දක්වා මුදලක් අය කිරීමට නියමිත බව වාර්තා වනවා.

ආදායම් බලපත්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බදු අය කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් වාහනවල නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 05 කට අඩු නම් ඒවායේ සී.සී. අගයක් සඳහා අය කරන කාබන් බද්ද ශත 50 ක්.

කාලය අවුරුදු 05 ත්, 10 ත් අතර නම් සී.සී. අගයක් සඳහා රුපියලක්ද, වසර 10 ට වැඩි නම් රුපියල් එකයි ශත 50 ක්ද අය කෙරෙනවා.

මෙම බද්ද දෙමුහුන් වාහන සඳහා අදාළ වන්නේ වසර 05 ට අඩු නම් ශත 25 ක්, වසර 05 ත්, 10 ත් අතර නම් ශත 50 ක් සහ වසර 10 ට වැඩි නම් රුපියලක් වශයෙන්.

ඒ අනුව වාහනයේ නිෂ්පාදිත වර්ෂයේ සිට කාලය සඳහා සී.සී. අගයකට අදාළ බදු අගය සමස්ත සී.සී. ධාරිතාවයෙන් වැඩි කිරීමෙන් ගෙවීමට සිදුවන කාබන් බද්ද ගණනය කරගත හැකියි.

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සඳහාද කාබන් බද්ද ක්‍රියාත්මකයි.

ඒ අනුව නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 05 ට අඩු යතුරුපැදි සහ ත්‍රීරෝද රථයක සී.සී. අගයක් සඳහා ශත 50 ක් අය කෙරෙනවා.

එය වසර 05ත්, 10 ත් අතර නම් රුපියලක් වන අතර, වසර 10 ට වැඩි නම් රුපියල් එකයි ශත 50 ක් අය කෙරෙනු ඇති.

බස් රථ සඳහා එය අදාළ වන්නේ වසර 05 කට අඩු නම් රුපියල් දහසක්, වසර 05 ත්, 10 ත් අතර නම් රුපියල් දෙදහසක් සහ නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 10 ට වැඩි නම් රුපියල් 3000 ක් වශයෙන්.

සහන කාලසීමාවක් ලෙස මේ වසරේ ආදායම් බලපත්‍රය ලබාගන්නා අවස්ථාවේදී මෙම බදු ක්‍රියාත්මක නොවන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි සඳහන් කළේ.

ඒ අනුව 2020 වසරේ සිට මෙම කාබන් බද්ද ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඊට අදාළව දඩ මුදලක් පැනවෙනු ඇති.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories