නව ආණ්ඩුකාරවරයෙකු සහ සභාපතිවරුන් දෙදෙනෙකු වැඩ භාර ගනී

Friday, 11 January 2019 - 12:19

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් පත්කර තිබෙනවා.

අද උදෑසන ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම් ලිපිය තමන්ට ලබාදුන් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.

මේ අතර තමන් හිටපු ජනාධිපතිනිය සමඟ කුමන්ත්‍රණයක නිරත නොවූ බව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.

එම ධුරයේ අද වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළා.

එමෙන්ම මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ මෛත්‍රී ගුණරත්න ද අද සිය ධුරයේ වැඩ භාර ගත් අතර ඔහු කියා සිටියේ මධ්‍යම පළාතේ පොලීසිය මත්කුඩු වැටලීම් සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු කරනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories