මැලේරියා යළි හිස එසවීමේ අවදානමක්

Tuesday, 15 January 2019 - 12:39

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මැලේරියා රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සංක්‍රමණිකයින් සහ විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් කියා සිටියේ.

පසුගිය දෙසැම්බර් මුල් සතිය තුළ දී සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් මැලේරියා රෝගය වැළදුණු පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා.

පසුව ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු බවට අනාවරණ වූ අතර ඊට සති දෙකකට පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකුට මැලේරියා රෝගය වැලදුණු බවට හඳුනාගනු ලැබුවා.

ඔහු ද එම රෝගය වැලදීමට පෙර සියඹලාණ්ඩුව ප්‍රදේශයට ගොස් සිටි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයේ මැලේරියා රෝගය මර්දනය කිරීම ම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයින් දෙදෙනාටම ප්‍රතිකාර ලබා සුව තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

මැලේරියා රෝගය තුරන් වූ රටක් ලෙස ශ්‍රී ලංකාව මීට වසර 23කට ඉහත දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබුවා.

ඒ අනුව මෙම රෝගය යළි ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විදේශයන් හි සිට පැමිණෙන පුද්ගලයින් සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කළ යුතු බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඩෙංගු රෝගය හා සමාන රෝග ලක්ෂණ මැලේරියා රෝගයට ද තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසට මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී .බී. හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories