නාමල්, විමල් සහ ශෂී රහස් පොලීසියට

Wednesday, 16 January 2019 - 18:59

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට  අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව අද කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ බව අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම සතිය තුළ ඔවුන්ගෙන් අදාළ ප්‍රකාශ ලබා ගැනෙන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

එම සිද්ධියට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි මෙම ප්‍රකාශ ලබාගැනෙන්නේ.  

එසේම කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද නියෝග කළේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.  

මෙහිදී දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර නැමැත්තා අත්අඩංගුවට නොගන්නේ යම් පාර්ශවයක බලපෑම් නිසාදැයි විත්තියේ නීතීඥවරුන් විමසා සිටියා.

එහිදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන අතර, කිසිදු පාර්ශවයකින් බලපෑමක් එල්ලවී නොමැති බවයි.

ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස නාමල් කුමාරට පසුගිය 4 වනදා අධිකරණය ලබාදුන් නියෝගය ඉකුත් 6 වනදා ඔහුට භාරදීමට කටයුතු කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories