පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම අද

Thursday, 17 January 2019 - 7:21

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද සිදුකෙරුණා.

එහි ජාතික උත්සවය ගිරිඋල්ල - ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන්.

ඊට සමගාමීව ‘එකට වවමු, එකට වැඩෙමු’ විශේෂ රුක්රෝපණ වැඩසටහන දියත් කිරීම ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

දිවයිනේ පාසල් 10,194 න් 9193 ක ප්‍රාථමික අංශ ක්‍රියාත්මක වන අතර, මෙවර ද 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇතැම් පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ගැටලූ පවතින බවයි දෙමව්පියන් චෝදනා කරන්නේ. පාසල්වල පවතින ගුරු හිඟය නිසා මෙම තත්ත්වය මතුව ඇති බව දෙමව්පියන් සඳහන් කළා.

පසුගිය වසරේ සිට වසා දමා තිබූ කරන්දෙනිය - යක්කටුව කණිෂ්ඨ විද්‍යාලය, මෙම වසරේ ආරම්භ කිරිමට නියමිතව තිබුණ ද, ගුරුවරුන් හෝ විදුහල්පතිවරයෙකු පාසලට අනුයුක්ත කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවයි දෙමව්පියන් චෝදනා කළේ.

මේ හේතුවෙන් තම දරුවන්ව පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් කිරීමට නොහැකි වී ඇති බව ඔවුන් සඳහන් කලා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories