පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව, අඟහරුවාදා කථානායකට

Saturday, 19 January 2019 - 12:57

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව ලබන අඟහරුවාදා කථානායකවරයාට බාරදෙන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

එහිදි ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කථානායකවරයා නිතීපතිවරයාගෙන් කරුණු විමසනු ඇති.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මත කිරීමක් සිදු කළ යුතු බවයි නියෝජ්‍ය කතානායකවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

ඉන් අනතුරුව එය යළි නීතිපතිවරයා වෙත යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළා.

පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ ඇතිවු නොසන්සුන්කාරි සිද්ධින් පිළිබද විමර්ශණය කිරිමට කථානායක කරු ජයසුරිය විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්තීී‍්‍රන්ගෙන් සමන්විත වුණා.

එම කමිටුව මාසයකට අධික කාලයක් විඩියෝ දර්ශණ සහ සාක්ෂි උපයෝගි කරගනිමින් මෙම වාර්තාව සකස් කර ඇති බව සඳහන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories