අල්ලස් කොමිසමට ඍජු බලතල ලැබෙන පනත අනිද්දා යළි විවාදයට

Sunday, 20 January 2019 - 12:50

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
ජනාධිපති කොමිෂන් සභා මගින් සිදු කෙරෙන විමර්ශන වාර්තා අනුව යළි විමර්ශනයක් සිදු කිරීමකින් අනතුරුව නඩු පැවරීමේ බලතල අල්ලස් කොමිසමට පැවරෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී ලබන අඟහරුවාදා විවාදයට ලක් කෙරෙනවා.

මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ඔක්තෝම්බර් මාසයේදී මුල්වරට විවාදයට ගැනුනා. අඟහරුවාදා එහි වැඩිදුර විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් විසින් ඡුන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එවැන්නක් විමසා බැලීමද සිදුවනු ඇති බවයි.

මේ වනවිට පවතින නීතිරීතිවලට අනුව ජනාධීපති කොමිසන් සභාවක් මගින් විමර්ශනය කෙරෙන කාරණයක වාර්තාවක් ලැබීිමෙන් පසු ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට පෙර අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාව මගින් යළි විමර්ශනයක් සිදුකළ යුතු වනවා.

එහිදී පෙර පරීක්ෂණ කොමිසම කැඳවූ සාක්ෂි යළි කැඳවීමට අල්ලස් කොමිසමට සිදුවන අතර, එමඟින් නඩු පැවරීමේ ක්‍රියාවලිය ප්‍රමාදවීම සිදුවන බවයි වාර්තාවන්නේ.

නව පනත සම්මත වීමෙන් පසු පරීක්ෂණ කොමිෂන් සභා නිර්දේශයන් මත නඩු පැවරිය යුතු කරුණක් පවතීයැයි හැඟී යන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමේ බලතල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හිමිවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories