මදූෂ්ගේ ගෝලයින් තිදෙනෙක් තලංගමදී පොලිස් දැලේ පැටලෙයි

Sunday, 20 January 2019 - 17:43

%E0%B6%B8%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන දැනට ඩුබායි හි සැඟව සිටින මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් තිදෙනෙකු හෙරොයින් සමඟ බත්තරමුල්ල - තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ දිසා මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි අද (20) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 330ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තලංගම පොලීසියට භාර දී ඇති අතර, ඔවුන් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මීට පෙර අවස්ථා කිිහිපයකදී මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories