සේනා ව්‍යාප්තිය ගැන ඇමතිවරයෙකුගෙන්, කෘෂිකර්ම අමාත්‍යාංශයට චෝදනා

Monday, 21 January 2019 - 18:51

%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
සීග්‍රයෙන් පැතිර යන සේනා දළඹු උවදුර කෙටි කාලයක් තුලදී විනාශ කළ හැකි පලිබෝධ නාශකයක් කුලියාපිටිය - මූනමල්දෙණිය ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් සොයා ගෙන තිබෙනවා.

වෛද්‍ය රාජජීව නමැති ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කිසිදු රසායන ද්‍රව්‍යයක් හෝ කෘමි නාශකයක් මෙම පලිබෝධ නාශකයට යොදා ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන්, අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව කියා සිටියේ සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා පුද්ගලයින් විටින් විට සොයා ගන්නා පළිබෝධ නාශක එකවර නිර්දේශ කිරීමේ හැකියාවක් නොමැති බවයි.

කුමන ප්‍රතිකර්ම යෙදුව ද සේනා දළඹුවා සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

හෙක්ටයාර 80,000 ක් වන මෙරට බඩඉරිඟු වගාවෙන් හෙක්ටයාර 45,000 ක්ම මේ වනවිට සේනා දළඹුවාගේ ග්‍රහණයට ලක්ව අවසන්.

මේ අතර, සත්ත්ව ගොවිපළවල සිටින සතුන්ගේ ආහාර සඳහා පිට පළාත්වලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට බඩ ඉරිඟු ගස් රැගෙන ඒමේදී ඒවා කැබලිකර අසුරා ප්‍රවාහනය කරන ලෙස දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර අද ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා. දිස්ත්‍රික්කයේ සේනා දළඹුවා ව්‍යාප්ත වීම අවම කිරීම එහි අරමුණ බවයි ඔහු කියා සිටියේ.  

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල බඩ ඉරිඟු සහ කුරක්කන් වගාවන්ට සේනා දළඹුවා ව්‍යාප්ත වී ඇති බව සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ අද පැවති ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී හෙළි වුණා.

කෙසේ වෙතත්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සේනා දළඹු උවදුර පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට චෝදනා එල්ල කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories