'සේනා' ඉන්දියාවෙන් පැමිණි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සැකයක් - ඇමරිකාවෙන් ආ බව ගොවීන් කියයි

Tuesday, 22 January 2019 - 7:42

%27%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%27+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සේනා දළඹුවා පසුගිය වසරේ සැප්තැම්බර් මස අග භාගයේදී ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බවට සැක කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර මහනුවර ප්‍රදේශයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.  

කෙසේ වෙතත්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් පී.බී. සරත් චෝදනා කළේ ඇමරිකාවෙන් සේනා දළඹුවා මෙරටට ව්‍යාප්ත වී ඇති බවයි.

සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් යෙදිය හැකි පිළියම් සහ වන්දි ලබාදීම් පිළිබද සිදුකෙරෙන විශේෂ සාකච්ඡාවක් අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඊට සේනා දළඹු උවදුර පිළිබද විමර්ශන සිදුකිරීමට පත් කළ අමාත්‍ය කමිටුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.

හෙක්ටයාර 80,000 ක් වන මෙරට බඩඉරිඟු වගාවෙන් හෙක්ටයාර 45,000 ක්ම මේ වනවිට සේනා දළඹුවාගේ ග්‍රහණයට ලක්ව අවසන්.

ඒ සඳහා මෙතෙක් නිශ්චිත ප්‍රතිකර්මයක් සොයාගෙන නැහැ.

කෙසේ වෙතත්, ප්‍රදේශ කිහිපයකින් පසුගිය දින කිහිපය තුළ ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් ඉදිරිපත් කළ ද කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හෝ වෙනත් ආයතනයකින් ඊට අනුමැතිය පළ කිරීමක් සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ.

දැනට සේනා දළඹුවා දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ව්‍යාප්ත වී අවසන්.

කෙසේ වෙතත්, ගොවීන් පෙන්වා දෙන්නේ ඒ සඳහා බලධාරීන් මෙතෙක් නිසි විසඳුමක් ලබා දී නොමැති බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories