නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද,කොළඹට

Tuesday, 22 January 2019 - 12:42

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%2C%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකින් අද කොළඹට කැදවා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ජාවක් සඳහායි ඔවුන් මෙලෙස කොළඹට කැදවා ඇත්තේ.

ඒ අනුව අද පස්වරු 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙනු ඇති.

ජනාධිපතිවරයාගේ සිංගප්පූරු සංචාරයට පෙර මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඇතුළු පිරිස හෙට පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ තුන්වන සමුළුවට සහභාගි වීම සඳහායි.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා.

එහිදී අද පාර්ලිමේන්තුවේදී සංවාදයට බදුන් වන කරුණු කාරණා සාකච්ඡා කිරීමට නියමිත බවටයි පක්ෂයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

අද පස්වරු 1ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පසුගිය දා ඇතිවූ ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව අද කථානායකවරයාට භාරදීමට නියමිතයි.

ඉන් අනතුරුවයි එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කෙරෙන්නේ.

පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ ඇතිවු නොසන්සුන්කාරි සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරිමට කථානායක කරු ජයසුරිය විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්තීී‍්‍රන්ගෙන් සමන්විත වුණා.

මේ අතර, ජනාධිපති කොමිෂන් සභා මගින් සිදුකෙරෙන විමර්ශන වාර්තා අනුව යළි විමර්ශනයක් සිදු කිරීමකින් අනතුරුව නඩු පැවරීමේ බලතල අල්ලස් කොමිසමට පැවරෙන පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

එමෙන්ම කෝප් කමිටුවේ නව සභාපතිවරයා පත් කර ගැනීම ද අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories