සරත් එන් සිල්වාට ලබන හත්වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

Wednesday, 23 January 2019 - 11:38

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට පෙබරවාරි මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කළා.

පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදා මරදානේ පැවති රැලියකදී කළ ප්‍රකාශයකින් ඔහු අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන් දෙනෙකු ගොනුකළ පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදීයි විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.

මේ අතර, රුපියල් කෝටි 100 කට අධික හෙරොයින් සමග ඊයේ කොල්ලූපිටිය්දී අත්අඩංගුවට ගැණුනු විදේශිකයින් තුන්දෙනා ඇතුළු පුද්ගලයින් 5 දෙනා ලබන 29 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදුන්නා.

ඒ ඇමරිකානුවන් දෙදෙනා සහ ඇෆ්ගන් ජාතිකයා ඇතුළු මෙම සැකකරුවන් පස්දෙනා කොළඹ - කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.


    
    
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories