අපරාධකරුවන් ක්ෂණිකව හඳුනාගැනීමට ඇඟිලි සළකුණු පරිඝනක ගත කෙරේ

Sunday, 27 January 2019 - 12:36

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%9F%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9D%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නමගිය අපරාධකරුවන් සැණෙකින් හඳුනාගත හැකි පරිදි ඇඟිලි සළකුණු, ස්වයංක්‍රිය පරිගණක පද්ධතියකට ඇතුළත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව මිලියන 1.9 ක් පමණ වන වැරදිකරුවන් බවට පත්වූ අපරාධකරුවන්ගේ ඇඟිලි සළකුණු ඊට ඇතුළත් වනු ඇති.

ඇඟිලි සළකුණක් පරීක්ෂා කොට, විනාඩියකට අඩු කාලයක් තුලදී එය හඳුනාගැනීමට හැකිවීම නව පද්ධතියේ විශේෂත්වය බවයි පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී ජගත් සේරම් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

මෙලෙස නව තාක්ෂණය යොදාගැනීමෙන් ඇඟිලි සළකුණු කඩිනමින් හඳුනාගැනීම මෙන්ම අපරාධයට අදාළ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කළ හැකි බවද ඔහු සඳහන් කළා.

විද්‍යාත්මක සාධක සහ නව තාක්ෂණය ලොව පුරා අපරධ මැඩලීම සඳහා දැන් බහුලව යොදාගන්නවා.

මේ නිසා මෙරට අපරාධ මැඩලීම සඳහා නව තාක්ෂණය යොදාගැනීම වැදගත් වන බවයි පොලිස් අධිකාරී ජගත් සේරම් වැඩිදුරටත් කියා සිටියේ.

ඇඟිලි සළකුණු පරිගණක පද්ධතියක් තුළ යොදාගැනීමේ නව ක්‍රමවේදය පෙබරවාරි හයවනදා සිට දියත් කෙරෙනු ඇති.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories