ජාතික ආණ්ඩුව ගැන, මුස්ලිම් කොංග්‍රසයෙන් අද තීන්දුවක්

Tuesday, 05 February 2019 - 13:09

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තම පක්ෂය අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.

එම පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය අලි සහිර් මවුලානා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අතුරින් එම කොංග්‍රසය යටතේ තරඟ කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා පමණයි.

මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන් තරඟ කළේ එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින්.

මේ අතර, තලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩු තැනීමේදී ලොව පිළිගත් ක්‍රමය සියළු පක්ෂ සම්බන්ධ කර ගැනීම බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ද කියා සිටියේ මෙවර ජාතික ආණ්ඩුවක් තැනීමට 19 වන සංශෝධනයට අනුව හැකියාවක් නොමැති බවයි.

එය ව්‍යවස්ථා විරෝධී බව ද ඔහු සදහන් කළා.

මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තනි මන්ත්‍රීවරයෙකු සම්බන්ධ කර ගනිමින් ජාතික ආණ්ඩුවක් සැකසීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories