මධුෂ් සමඟ හසුවූ දේශපාලනඥයා ගැන අනාවරණයක් - කොළඹින් පොලිස් කණ්ඩායමක් මධුෂ්ගේ නිවසට

Friday, 08 February 2019 - 12:24

%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7
ඩුබායි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ්ට අයත් කඹුරුපිටිය - මාවරලේ පිහිටි නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ කොළඹින් පැමිණි පොලිස් කණ්ඩායමට සහය ලබාදීමට මාවරල පොලිසියේ නිලධාරීන් පිරිසක්ද අදාළ පරීක්ෂා කිරීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

දැනට වාර්තා වන තොරතුරුවලට අනුව මාවරලේ පිහිටි මධූෂ්ගේ නිවසේ ඔහුගේ බිරිඳ, ඇයගේ මව සහ පියා රැඳී සිටින බව සඳහන්.

මේ අතර, මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි සාදයේ සිටියදී අත්අඩංගුවට ගත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඇති පුද්ගලයෙකු සිටින බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.

ඔහු කඹුරුපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු බව අද ජාතික පුවත්පත් මගින් හෙලිදරව් කර තිබුණා.

කෙසේ වෙතත්, කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති ආනන්ද වීරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සභාපතිවරයා හැර වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු මේ වනවිට විදේශගත වී නොමැති බවයි.

සභාපතිවරයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ වනවිට සිංගප්පූරුවට ගොස් සිටින බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ සහෝදරයාගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පරීක්ෂා කළ අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගැනුණා. එමෙන්ම, අත්අඩංගුවේ සිටින ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරාගේ සහෝදරයා වන සොහාන් පෙරේරාගේ නිවසද පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පරීක්ෂා කළා.

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් සෙසු පාතාල නායකයින් ඇතුළු සැකකරුවන් 25 දෙනා මේ වනවිට ඩුබායි හි අබිහිල් අල්මුල්ලා ප්ලාසා සිරමැදිරියේ රඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories