මධූෂ් සමග ඇල්ලූ ජංගාට සහය දුන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Saturday, 09 February 2019 - 13:13

%E0%B6%B8%E0%B6%B0%E0%B7%96%E0%B7%82%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ඔහුගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගාගේ ඥාතියෙකු වන හමුදා සෙබලෙකු අනුරාධපුරයේදී අද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

රාජකාරියේ නිරත වෙමින් සිටින අතරතුර ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට ඔහු මාතරට ගෙන එමින් සිටින බවයි උසස් පොලිස් නිලධාරීයෙකු සඳහන් කළේ.

ජංගාට අයත් මාතර - ගන්දර නිවසේ තිබී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් ඇතුළු අවි ආයුධ කිහිපයක් පොලිසිය ඊයේ සොයා ගත්තා.

එම ඇඳුම් ජංගාට ලබා ගැනීම සඳහා මෙම හමුදා සෙබලා සහය ලබාදී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ.

ඊයේ ජංගාගේ නිවසේ සිටියදී ඔහුගේ 82 හැවිරිදි මුත්තණුවන්ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මේ අතර, පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයට සහභාගි වී සිටියදී අත්අඩංගුවට ගැනුණු රංගන ශීල්පී රයන් වැන් රෝයන් භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථය මාතර - මිරිස්ස ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

ඒ, ඩුබායි රාජ්‍යයේදීම අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජික සන්ෂයින් සුද්දාට අයත් හෝටලයක නවතා තිබියදීයි.  

රංගන ශිල්පි රයන් වැන් රෝයන් පැදවූ බවට සැක කෙරෙන මෙම මෝටර් රථය ඊයේ පස්වරුවේ වැලිගම පොලිසිය සොයාගත් අතර, එම හෝටලයේ හිමිකරු වන සන්ෂයින් සුද්දා මාකඳුරේ මධූෂ්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බෝට්ටු සපයන පුද්ගලයෙකු බවට සැක කෙරෙනවා.

සොයාගත් මෝටර් රථය වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිසිය වෙත ගෙනවිත් සිදුකළ විමර්ශනයේදී එහි තිබී ගංජා ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 750 ක් සොයාගත් බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකට අයත් බවටද හෙලිව ඇති බවයි වාර්තා වන්නේ.

එසේම වැඩිදුර විමර්ශන සඳහා මෝටර් රථය නවතා තිබූ හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් දෘඩ තැටිද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ වන තිලිණි නිශායා තිලකරත්නට අයත් මෝටර් රථයක් අද අළුයම පාදුක්ක පොලිසිය සිදුකළ වැටලීමකදී සොයා ගත්තා.

ඒ, පාදුක්ක - පෝරෙගෙදර - අරලියමාවතේ පිහිටි නිවසක ගෙවත්තක නවතා තිබියදීයි.

අදාළ නිවසේ හිමිකරු සහ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය සඳහන් කළේ ඔවුන් මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවයි.

මේ අතර, මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනුණු සාදය පැවති අවස්ථාවේ ලබාගත් බව කියන තවත් ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories